වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ කාලය වසරකින් දීර්ඝ කරයි

May 21, 2020 at 11:40 AM
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වයස අවුරුදු 61 දක්වා ඉහළ දමන බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළා.
දැනට ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවතීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කරන්නේ.
මෙම යෝජනාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව ඔහු සඳහන් කර සිටියා.