මහාචාර්ය හුල්ව එළවා දැමුවේ නැහැ : මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරුණු පැහැදිලි කරයි

May 21, 2020 at 11:20 AM

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් නිරෝධායන රීති කඩ කර ඇති බවට චෝදනාව සම්බන්ධයෙන් එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින්.

එහිදී ඔහු සඳහන් කර සිටියේ මහාචාර්ය රත්නජීවන් හුල් ගේ දියණිය නිරෝධායනය වූ බවට සහතිකයක් ලැබී තිබුණ නිසාත්, තව දුරටත් එසේ නිරෝධායනය විය යුතු බව දන්වා නොතිබූ නිසා ඇය කාර්යාලයට පැමිණි බවට තමන්ට දැන්වූ බවයි.

එමෙන්ම මැතිවරණ කාර්යාලයේ නිලධාරින් විරෝධය දක්වා මහාචාර්ය හුලවා එලවා දැමු කතාව අසත්‍ය බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

මහාචාර්ය රත්නජිවන් හුල්ට හෝ ඔහුගේ දියණියට පුද්ගලිකව අපහාස කිරිම තමන් අනුමත නොකරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.