මහචාර්ය හුල්ගේ දියණිය නිසා මැතිවරණ කාර්යාලය විෂබිජ හරණයට

May 21, 2020 at 6:42 AM

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් නිරෝධායන රීති කඩ කර ඇති බවට චෝදනා එල්ල වනවා. ඒ, ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ඔහුගේ දියණිය රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයට රැගෙන ඒම හේතුවෙන්. මෙම සිද්ධියට මැතිවරණ කාර්යාලයේ සේවකයින්ද විරෝධය පළ කර තිබෙනවා. පසුව මැතිවරණ මහ ලේකම් කාර්යාල පරිශ‍්‍රය විෂබීජහරණය කිරීමටද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මහාචාර්ය රත්නජීවන් හූල්ගේ දියණිය ඉකුත් මැයි මස 4 වනදා එංගලන්තයේ සිට මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනයට යොමුකර තිබෙනවා. කෙසේවෙතත් එංගලන්තයේ සිරවී සිටින පිරිස මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මෙරටට පැමිණි ඇය ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය පිළිබද සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබුණේ විවේචනයක්. මෙම ප‍්‍රකාශය හේතුවෙන් ඇයට දැඩි විරෝධයක්ද එල්ල වන්නේ මේ අතරතුරයි.

නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායනය අවසන් කළ අයෙකු තවත් දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බවට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබෙනවා. එහෙත් මහාචාර්ය රත්නජීවන් හූල් සිය දියණිය රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයට රැුගෙනවිත් ඇත්තේ එම ස්වයං නිරෝධායන කාලය අවසන්වීමට පෙරයි. යාපනය මැතිවරණ කාර්යාලයේ වාහනයකින් අවස්ථා දෙකකදී ඇය රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ ඇති බවටයි වාර්තා පළ වන්නේ