නිවාඩු ලබා පැමිණි සිටි ලාංකික ශ්‍රමිකයින්ට යලි සයිප්‍රසයට යෑමට අවස්ථාව

May 21, 2020 at 3:40 PM

කොවිඩ් වෛරසය හේතුවෙන් සයිප්‍රස් රාජ්‍යයේ ගුවන්ගමන් තහනම් කීරීමට පෙර කෙටි හා වාර්ෂික නිවාඩු ලබා එරටින් බැහැරව ගොස් සිටින විදේශ රැකියා නියුක්තිකයන්ට දැනට බලපැවැත්වෙන ගුවන් ගමන් තහනම ඉවත් කීරීමෙන් පසුව එරටට ඇතුලත්වීමට අවසර ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය නිවේදනය කර සිටිනවා. මේ සඳහා ප්‍රකාශිත සහනදායී කොන්දේසි මත එරටට පැමීනීමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ටද මෙම අවස්ථාව හිමි වී තිබේ.

එම කොන්දේසි අතර සයිප්‍රස් සේවය කීරීම සඳහා වලංගු වැඩ බලපත්‍රයක් (Work Permit) සහිත ශ්‍රමිකයින්, තමන් ලබාගත් මාස තුනක නිවාඩුව අවසන් වන දිනය 2020 මාර්තු මස 15න් පසු දිනයක් වේනම් කිසිදු බාධාවකින් තොරව යලි සයිප්‍රස්හි රැකියාවට යාමට හැකියාව ඇත.

එසේම 2020 ජනවාරි මස 01 වෙනිදාට පසුව සයිප්‍රසයෙන් බැහැරව ගොස් සිටින, තමන්ගේ වැඩකිරීමේ බලපත්‍රයේ වලංගු කාලය 2020 මාර්තු 15 න් පසුව කල් ඉකුත් වී ඇති අවස්ථාවක හා එම වැඩ කීරීමේ බලපත්‍රය “ Final – Not Renewable ” ඝනයට අයත් නොවේනම් සයිප්‍රසයට ඇතුල්වීමේ බලපත්‍රයක් ඉල්ලුම කීරීම මගින් නැවත එරට රැකියාවට යාමට අවස්ථාව හිමිවේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ සයිප්‍රස් නිර්වේතනික කොස්සල් කාර්යාලය සමඟ සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

මේ වනවිට සයිප්‍රසයේ ශ්‍රී ලාංකිකයන් 5500 පමණ සේවය කරමින් සිටියි. වැඩි විස්තර සඳහා සයිප්‍රස් කොන්සල් ජනරාල් කාර්යාලයේ 00357 22550030 ඇමතීමෙන් ලබාගත හැකිය.