ජුනී මාසයේ 5000 දීමනාව ලබාදීම අත්හිටුවයි

May 21, 2020 at 12:00 PM

ජුනි මාසය සදහා රු. 5000 / – ක දීමනාව ලබා නොදීමට රජය තීරණය කර තිබෙනවා. කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සදහන් කළේ ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශ මත එම තිරණය ගත් බවයි.

කෙසේ වෙතත් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශ කළේ දේශපාලන මැදිහත් වීමකින් තොරව රු. 5000 / – ක දීමනාව ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් කියා සිටියේ රජය කිසිවිටකත් පක්ෂ පාට භේදයකින් තොරව එම දීමනාව ලබාදීමට කටයුතු කළ බවයි.