5000 දීමනාව ලබාදීම ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

May 20, 2020 at 9:26 PM

ප්‍රාදේශීය හා ග්‍රාමීය දේශපාලනඥයින් රුපියල් 5000 ආධාර ලබාදීමේ වැඩ සටහනින් ඉවත් කරවීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුත් ආදළ ඉල්ලීම ඇතුළත් ලිපිය ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩලයේ ලේකම්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් , මුදල් අමාත්‍යාංශ ලේකම් සහ කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කර තිබෙනවා.

රුපියල් 5000 ඇතුළු දීමනා ලබාදීමේ වැඩපිළිවෙළ ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් ලෙස ක්‍රියාත්මක වන බවට පැමිණිලි ලැබීමේ ප්‍රවණතාව වැඩිවෙමින් පවතින බවයි එම ලිපියේ සඳහන් වන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින්නේ මෙම මූල්‍ය ආධාර ලබාදීම හරහා කිසිදු ආකාරයක දේශපාලන පක්ෂ හෝ අපේක්ෂක ප්‍රවර්ධනයන් සිදු කිරීමට ඉඩ නොදෙන ලෙසට සියලුම නිලධාරින් වෙත දන්වන ලෙසයි.