සිංගප්පුරුවේ ඉතිහාසගත වන මරණ දඬුවම

May 20, 2020 at 4:46 PM
මත්ද්‍රව්‍ය ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ ජාවාරම්කරුවෙකුට සිංගප්පුරු අධිකරණයක් විසින් Zoom වීඩියෝ තාක්ෂණය ඔස්සේ මරණ දඬුවම පනවා තිබෙනවා.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙවැනි ආකාරයෙන් සිංගප්පුරුව තුල මරණ දඬුවමක් නියම කළ පළමු අවස්ථාව මෙය වනවා.
මෙලෙස මරණ දඬුවම නියමවී ඇත්තේ 37 හැවිරිදි මැලේසියානු ජාතිකයෙක්ට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. ඒ ඔහු 2011 වසරේදී සිංගප්පුරුවට හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන ඒමට කටයුතු කිරිමේ චෝදනාවකටයි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පළමු වරට අපරාධ නඩුවක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියෝග කරමින් ලබා දුන් මෙම නඩු තීන්දුව ඉතිහාසගත වන බවයි එරට ශ්‍රේෂ්ඨාධිකරණ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.