පළමු වරට වීඩියෝ තාක්ෂනය ඔස්සේ නඩු විභාගය ඇරඹේ (PHOTOS)

May 20, 2020 at 5:24 PM

නව තාක්ෂනය යොදාගනිමින් අධිකරණ ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා වු පලමු අදියරය ලෙස අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හා බන්ධනාගාර සම්බන්ධ කිරිමේ පලමු පරික්ෂණ නියමු ව්‍යාපෘතිය අද දින ආරම්භ විය.

අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට අද නඩු විඩීයෝ තාක්ෂණය ඔස්සේ කැඳවනු ලැබූ බවයි අධිකරණය අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

මෙය විශේෂිත මෘදුකාංගයකින් සමන්විත අතර බන්ධනාගාර රැදවියන් අධිකරණයට රැගෙන ඒම වෙනුවට වැලිකඩ බණ්ඩනාගාරයේ ස්ථාපිත කල තාක්ෂණික භුමියේ සිට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මෙය තව දුරටත් පුළුල් කිරිමේ ඉදිරි පියවර ලෙස මුළු දිවයිනම ආවරණය වන පරිදි එම තාක්ෂනය හදුන්වා දී ස්ථාපිත කිරිමට මේ වන විටත් වැඩකටයුතු සැකසෙමින පවතින බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම අවස්ථාව සඳහා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා.