නිවාඩු ගොස් එන පොලිස් නිලධාරීන් නිරෝධායනයට

May 20, 2020 at 2:19 PM

කොන්දේසි කිහිපයක් යටතේ ‘දින විවේක’ මත නිවාඩු ගොස් යළි රාජකාරියට වාර්තා කරන පොලිස් නිලධාරීන් දින 7 ක් යනතුරු රාජකාරී සඳහා යොදා නොගන්නා ලෙසට වැඩබලන පොලිස්පති සී. ඞී.වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට ඉකුත්දා පියවර ගත්තා. කෙසේවෙතත් කොන්දේසි යටතේ පොලිස් නිලධාරීන්ට දින විවේක ලබාදීමටයි කටයුතු කර තිබුණේ.

එලෙස නිවාඩු ලබා යළි සේවයට වාර්තා කරන පොලිස් නිලධාරීන් දින දෙකක් සෙසු නිලධාරීන්ගෙන් වෙන්කර තැබීමට කටයුතු කරන ලෙස මීට පෙර උපදෙස් ලබාදි තිබුණා. කෙසේවෙතත් සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත එම කාලය දින 7 ක් දක්වා දීර්ඝ කරන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.

මේ අතර මේ වනවිට මෙරටින් තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,023 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 තුළ පමණක් වාර්තා වූ මුළු රෝගීන් ගණන 31 දෙනෙක්. සුවය ලබා 569 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.