දීමනා කප්පාදුව ඇතුලූ ගැටලූ ගණනාවකට විරෝධය පා මහනුවරදී හෙද හෙදියෝ උද්ඝෝෂණයක

May 20, 2020 at 6:56 PM

හෙද හෙදියන්ගේ දීමනා කප්පාදුව, ප‍්‍රවාහන පහසුකම් ලබා නොදීම් ඇතුලූ ඉල්ලීම් ගණනාවකට විරෝධය දක්වා මහනුවර මහ රෝහල ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්වුණි.

රාත‍්‍රී 7.00 න් පසු සේවාවන් සඳහා ප‍්‍රවාහන පහසුකම් ලබා නොදීම, අතිකාල ඇතුලූ දීමනා කප්පාදුව, රාජකාරීමය බලපෑම් කිරීම, නිවාඩු සම්බන්ධ ගැටලූ හා හෙද හෙදියන් ලක්වන හිංසනයන් සඳහා විසඳුම් නොලැබීම ඇතුලූ ගැටලූ ගණනාවක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

සමස්ත ලංකා හෙද සංගමයේ මූලිකත්වයෙන් පැවැත්වූ මෙම උද්ඝෝෂණය සඳහා එම සංගමයේ සභාපති ප‍්‍රභාත් පලිපාන ඇතුලූ වෘත්තීය සමිති නියෝජිතයින්ද සහභාගී විය.