ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 35 දෙනාම නාවික හමුදාවේ

May 20, 2020 at 8:40 AM
නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී ආසාදිතයින් 35 දෙනෙක් වාර්තා වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියේ. ඔවුන් සියලු දෙනාම නාවික හමුදා සාමාජිකයින් වනවා.
මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 449ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 569ක් වනවා.