අමෙරිකාවේදී දැරියක් දුෂණය කළ ලාංකිකයෙක් FBI සොයයි

May 20, 2020 at 1:45 PM

බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ශ්‍රී ලාංකිකයෙක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ  FBI ආයතනය විසින් කරුණු සොයා බලමින් සිටින බවට වාර්තා වනවා.

ඉකුත් මාර්තු මස 07 වනදා චමින්ද පල්ලියගුරු නම් වූ මෙම ශ්‍රී ලාංකිකයා විසින් වයස අවුරුදු 13කට අඩු දැරියකට සිදුකළ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර ඇත.

ඇප මත මුදාහැරිමෙන් පසුව මොහු අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් පසුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති අතර මේ දක්වා ඔහු ගැන තොරතුරක් නොමැති බවයි එරට අධිකරණ පද්ධතියේ කරුණු ගොනු වාර්තා සඳහන් කරන්නේ.

මෙම පුද්ගලයාට දීර්ඝ කාලීන අපරාධ ඉතිහාසයක් ඇති බවට කරුණු අනාවරණය කර ගෙන ඇති අතර ඔහු දුෂණ ක්‍රියාවන්ට සම්බන්ධ බවට පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් සඳහන් කර තිබෙනවා. මෙම සැකකරු ශ්‍රී ලංකාවට හෝ කැනඩාවට පැන යන්නට ඇති බවට සැකපළ කර සිටිනවා.