වැඩිම වර්ෂාපතනය රත්නපුරයට : දිස්ත්‍රික්ක 06 කට තද වැසි

May 19, 2020 at 2:35 PM

අද (19) උදෑසන 8.30 න් අවසන් වූ ගතවූ පැය 24 තුලදී වැඩිම වර්ෂාපතනය මිලි මිටර් 193.3 වාර්තාවී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

මීට අමතරව රත්නපුර, කිරිඇල්ල ප්‍රදේශයට මිලි මිටර් 179, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයට හා මාතර, දෙනියාය ප්‍රදේශයට මිලි මිටර් 168.5 ක් ලෙසින් ද වර්ෂාපතනයන් ලැබී ඇත.

මේ අතර දිවයිනේ නිරිත දිග කොටසට විශේෂයන් දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

එමෙන්ම නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මිටර් 200 ට වඩා වැඩි තද වැසි අපේක්ෂා කෙරේ.