කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1000 පසුකරයි

May 19, 2020 at 6:43 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1020ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

අද දිනය්දී ආසාදිත රෝගීන් 28 දෙනෙක් වාර්තා වී ඇත. ඔවුන් සියලු දෙනා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 569ක් වන අතර දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 442ක් වනවා.