කොරෝනා රෝගීන්ට ලබාදෙන ඖෂධ භාවිත කරනවා – ට්‍රම්ප් පිළිගනී (VIDEO)

May 19, 2020 at 1:01 PM
කොරෝනා වෛරසයට ගොදුරු වුවන් සඳහා ලබා දෙන hydroxychloroquine ඖෂධය ඉකුත් සති දෙකක කාලය සිට තමන් භාවිත කිරිමට ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා.
73 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මැලේරියා රෝගයට එරෙහි නිපදවූ මෙම  hydroxychloroquine ඖෂධය අමෙරිකාව විසින් කොරෝනා ආසාධිත රෝගින්ටද ලබාදීමට පියවර ගනු ලැබුවා.
කෙසේ වෙතත් මෙම ඖෂධය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් භාවිතා කිරිමට ආරම්භ කලේ කුමන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් මේ දක්වා අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
එම වීඩියෝව පහතින් :