කොරෝනා පාලනයට කේරළය ගත් ක්‍රියා මාර්ග ප්‍රශස්ථයි : හිටපු අගමැති ලිපියක් යවයි

May 19, 2020 at 6:22 PM

කොරෝනා වසංගතය පාලනය කිරීමට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය ගනු ලැබූ ක්‍රියා මාර්ග අගයමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලිපියක් යොමු කොට තිබෙනවා.

අවම පහසුකම් මධ්‍යයේ වුවද රෝගය සමග සෘජුව ගැටෙන සෞඛ්‍ය, පොලිස් සහ ස්වේච්ජා සේවක සේවිකාවන් ගේ රෝග පරීක්ෂණයන් සිදුකිරීමට ප්‍රමුඛත්වයක් ලබා දීමට කටයුතු කිරිම ලෝකයටම ආදර්ශයක් බව හිටපු අගමැතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.