ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි : ජනතාවට විශේෂ දැනුම් දීමක්

May 18, 2020 at 8:10 PM

ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටුවක් අද දහවල් ස්වයංක්‍රියව විවෘත වී තිබෙනවා.

එම ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තදවැසි පතිතවුවහොත් එම ජලාශයේ සියලූම වාන්දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බවයි ජලාශය භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ.

ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් ඒ පිළිබඳ දැඩි විමසිල්ලකින් පසුවන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.