ඉන්ධන මිල ඉහල දමනවාද ?

May 18, 2020 at 7:46 PM

IOC ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල වැඩිකළ ද, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගත්තා.

කෙසේවෙතත්, ලෝක වෙළඳපලේ ඉන්ධන මිල පහත බැස තිබියදීත් රජය විසින් ඉන්ධන මිල වැඩිකිරීමට කටයුතු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය වාර්තා පළව ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ.

එම වාර්තාවල කිසිඳු පදනමක් නොමැති බවත්, එම වාර්තා අසත්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව කිසිඳු ඉන්ධන වර්ගයක මිල ඉහළ දැමීමට අවධානය යොමු කර නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.