ලන්ඩනයේ සිට පැමිණි දෙදෙනෙක්ටත් කොරෝනා : මුළු සංඛ්‍යාව 970 දක්වා ඉහලට

May 17, 2020 at 9:05 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 10 දෙනෙක් අද (17) දින රාත්‍රී 8.30 වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 970ක් වනවා.

අද දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර ලන්ඩනයේ සිට ඉකුත් දා මෙරටට පැමිණ දැනට හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පුද්ගලයින් දෙදනෙක් ද සිටින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ.

අනෙක් ආසාදිතයින් 08 දෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා.