කොළඹ වායු දුෂණය යලි ඉහළට

May 17, 2020 at 8:04 AM

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ කාල සීමාවේදී අවම අගයක් ගත් කොළඹ නගරයේ වායු දූෂණය ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග යළි ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කලේ රථ වාහන ගමනාගමනය සහ අනෙකුත් ක්‍රියාකාරකම් වැඩි වීමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

“කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණයේ අවම මට්ටම ලෙස සටහන් වූයේ මයික්‍රොග්‍රෑම් 10ක්. නමුත් දැන් මයික්‍රොග්‍රෑම් 18ක් 20ක් වගේ අගයකට ගිහින් තිබෙනවා” යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

වායු දූෂණය පිළිබඳ කෙරෙන අධ්‍යයනවලින් හෙළි කරගන්නා තොරතුරු අනුව 2025 වසර වනවිට මෙරට නාගරික වායු දූෂණය අවම කිරීමට සැලසුමක් සකස් කරන බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කර සිටියා.