ඊයේ කොරෝනා රෝගීන් 25ක් : සියලු රෝගීන් ගැන විස්තර මෙතැනින්

May 17, 2020 at 7:32 AM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 960ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඊයේ දිනයේදී කොරෝනා රෝගීන් 25 දෙනෙක් වාර්තා වූ අතර ඉන් 23 දෙනෙක්ම නාවික හමුදා සාමාජිකයින් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

අනෙක් රෝගීන් දෙදෙනා ගෙන් එක් අයෙක් පුලියාන්කුලම් ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක රාජකාරි සඳහා අනියුක්ත කර සිටි යුද්ධ හමුදා සාමාජිකයෙක් බව හමුදාපතිවරයා කියා සිටියා.

අනෙක් රෝගියා ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයෙක් වනවා.

මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 520 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 431ක් වනවා.