ශ්‍රී ලංකාවේ ස්වදේශ නාමය ” ඊලාම්” ලෙස හැඳින්වූ බ්‍රිතාන්‍ය වෙබ් අඩවිය

May 16, 2020 at 5:17 PM

බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ගාර්ඩියන් වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකාවේ ස්වදේශ නාමය ” ඊළාම්” යනුවෙන් සඳහන් කිරිමේ සිදුවීමක් වාර්තා වනවා.

“do you know your islands, Man Friday?” යනුවෙන් මෙම සංචාරක ප්‍රශ්නාවලිය ගාර්ඩියන් වෙබ් අඩවියේ පළ කොට තිබුණා.

“ඊලාම්” යනු කිනම් ජනප්‍රියතම සංචාරක දිවයිනට කියන ස්වදේශක නාමයද යනුවෙන් මෙම ප්‍රශ්නාවලියේ දෙවන ප්‍රශ්නය ලෙස ඔවුන් අසා තිබුණා.

එම ප්‍රශ්නයට තෝරා ගත හැකි විකල්ප පිළිතුරු ලෙස ඔවුන් සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව, බාලී, මොරිෂස් සහ Isle of Man යනුවෙනි.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ ස්වදේශීය නාමය “ඊලාම්” යනුවෙන් හැඳින්වීම සම්බන්ධයෙන් මෙරට සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් දැඩි ලෙස හෙළා දකිමින් සටහන් පළ කර තිබුණා.

කෙසේ වුවත් එල්ලවූ දැඩි විවේචන සමග ගාර්ඩියන් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළ කොට තිබු එම ප්‍රශ්නය ඉවත් කිරිමට පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ද ” ගාර්ඩියන්” වෙබ් අඩවියේ කතෘවරයාගෙන් එම ප්‍රශ්නය ඉවත් කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළ කොට තිබු ප්‍රශ්නය ඉවත් කොට තිබු අයුරු :

 

 

ශ්‍රී ලංකාව ඇතුලත් එම ප්‍රශ්නය පළ කොට තිබු අයුරු :