මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 20 වෙනිදා විවෘත කෙරේ : සේවාවන් ලබා ගන්න වෙලාවක් වෙන් කර ගන්න

May 16, 2020 at 4:20 PM

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සේවා සැපයීම අත්හිටුවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යන් යලි මෙම මස 20 වෙනිදා සිට ආරම්භ කෙරෙන බව නිවේදනය කර සිටිනවා.

සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව සීමිත කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් සේවයට කැඳවීමටයි එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරිම, වාහන අංක තහඩු නිකුත් කිරිම හා වාහන පරික්ෂා කර වාර්තා ලබාදීම ඇතුළු සියලු සේවාවන් සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක කරනු ලැබේ.

කෙසේ වුවත් එම සේවාවන් ලබා ගන්නා පුද්ගලයින් පහත සඳහන් දුරකථන අංක අමතා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්ය කොට ඇත.

කෙසේ වුවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලැබූ එක්දින සේවාව යලි දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොවන බවටද දැනුම් දී සිටියි.