ජපානයේ සිටින ලාංකිකයින් 235 දෙනෙක් දිවයිනට රැගෙන එයි

May 16, 2020 at 8:09 AM

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු අද දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා.

ජපානයේ , නරීටා ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන එම ගුවන් යානය අද දින අලුයම 3.38 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම මගීන් පිරිස ගුවන් තොටුපළ වෙත පැපැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් ඔවුන් සහ ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු ද විශබීජ හරණය කිරීමකට ලක් කෙරුණා.

එයින් පසුව මෙම මගීන් තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී ද යන්න ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් එක්ව පරීක්ෂා කොට ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.