කොරෝනා නිසා “බීර” ඉවත දමන්න වූ රට

May 16, 2020 at 6:31 PM

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමග වසා දැමු බ්‍රිතාන්‍ය සමාජ ශාලා වල ඇති බීර පයින්ට් මිලියන 70ක් පමණ විනාශ කිරිමට සිදුවන බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය රජය විසින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ඉකුත් මාර්තු මස 20 වෙනිදා සිට ජුලී මස 04 වෙනිදා දක්වා රටේ සියලු සමාජ ශාලා වසා දැමීමට නියෝග කරනු ලැබිය.

එම කාලය අවසානයේදී සමාජ ශාලාවල සහ මත්පැන් හල් වල තිබෙන බීර බොහොමයක් නරක් වනු ඇති බවයි බ්‍රිතාන්‍ය සමාජ ශාලා හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ.

ඇතිවී තිබෙන තත්ත්වය මත මෙවැනි විශාල බීර ප්‍රමාණයක් විනාශ කිරිමට සිදුවීම හද කම්පාවන සිදුවීමක් බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.