කොරෝනාවට එන්නතක් නැතත් අමෙරිකාව විවෘත කරනවා – ජනපති ට්‍රම්ප් කියයි

May 16, 2020 at 11:29 AM

කොරෝනාවට එරෙහිව එන්නතක් සොයා ගැනීමට නොහැකි වුවත් අමෙරිකාව කඩිනමින් යලි විවෘත කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා.

ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ.

” කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගන්න හැකි වුවත් නැතත් යලි අමෙරිකාව ඉක්මනින් විවෘත කිරිමට අවශ්‍ය පියවර ගන්නවා.

එන්නතක් එනකම් ජනතාව කොරෝනා සමග ජිවත් වෙන්න පුරුදු වෙන්න අවශ්‍යයි. මේ වෛරසයට එන්නතක් නිපදවීම දෙවන ලෝක යුධ සමයේ න්‍යෂ්ටික අවි නිපදවිමට සමාන අසීරු කාර්යයක්” ජනපති ට්‍රම්ප් කියා සිටියා.