ඇඳිරි නීතිය කඩ කළ 12,482කට නඩු පැවරේ

May 16, 2020 at 1:43 PM

පසුගිය මාර්තු මස 18 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමට අදාළව නඩු 12,482 ක් පවරා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

එම නඩුවලට අදාළව පුද්ගලයින් 4,808 දෙනෙකුට දඬුවම් ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කළ පසුගිය මාර්තු මස 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් ගණන 55,706 ක්.

එම කාලසීමාව තුළ වාහන 15,216 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 559 ක්