හුදෙකලා කර තිබු අවසන් ගම්මාන දෙකත් විවෘත කරයි

May 15, 2020 at 7:07 AM

කොරෝනා ආසාධිතයින් වාර්තා වීමෙන් පසු හුදෙකලා ප්‍රදේශ ලෙසට නම් කළ කොළඹ 12, බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල,සුදුවැල්ල ප්‍රදේශයන් යලි විවෘත කිරීමට පියවර ගත් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශකර සිටියා.

ඒ අනුව මෙරට කිසිදු ගම්මානයක් හුදෙකලා කොට නොමැති බවද මෙහිදී යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

බන්දාරනායකපුර ප්‍රදේශයේ තවත් කිහිපදෙනෙකු නිරෝධායනය වෙමින් පවතින බවත් ඔවුන් යලි නිවෙස් බලා පැමිණීමෙන් පසු නිවෙස් වලින් පිටතට නොපැමිණ වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරිම අනිවාර්ය බවද කියා සිටියා.