බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක් නිසා වැසි තත්ත්වය ඉහලට

May 15, 2020 at 1:42 PM

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වය නිසා එහි බලපෑම හේතුවෙන් අද (15) සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ.

ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.