කොවිඩ් 19 අරමුදලේ ශේෂය රුපියල් බිලියනය ඉක්මවයි

May 15, 2020 at 6:44 PM

COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ මොබිටෙල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රුපියල් මිලියන 50ක් පරිත්‍යාග කර තිබේ. ඊට අදාළ චෙක්පත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු විසින් අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබුණා.

මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ඊට එක්ව සිටියහ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය අරමුදලට රුපියල් මිලියන 50 ක් ප්‍රදානය කර ඇත. ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානීහු ඊට එක්ව සිටියා.

Naturub Industries පෞද්ගලික ආයතනය රුපියල් මිලියන 10ක්, මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමය රුපියල් ලක්ෂ 03 ක් සහ ටිසිල් කුරේ රුපියල් ලක්ෂයක්, හිටපු කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංගමය රුපියල් මිලියනයක්, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ රුපියල් මිලියනයක්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය රුපියල් මිලියන 02ක්, Bharti Airtel Lanka පෞද්ගලික සමාගම රුපියල් මිලියන 1.2ක් , Certis Lanka Security Solution පෞද්ගලික සමාගම රුපියල් මිලියනයක්, රිචඩ් ප්‍රනාන්දු රුපියල් මිලියනයක්, එස්.ඒ. සමරතුංග රුපියල් පනස්දහසක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

අද පස්වරු වන විට COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියනය ඉක්මවා ඇත