කොරෝනා ව්‍යාප්තවිය හැකි තවත් ක්‍රමයක් ගැන පර්යේෂකයින් අනාවරණය කර ගනියි

May 15, 2020 at 11:34 AM

සීමිත අවකාශයක් තුල සිදු කෙරෙන කතා කිරිමෙන් කොරෝනා වයිරසය පැතිර යා හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

කොරෝනා ආසාධිත රෝගියෙකු සීමිත අවකාශයක් තුලදී සිදුකරන කතා බහකදී ඔහුගේ මුඛයෙන් නික්මෙන කෙළ බිඳිති තුල අඩංගු වෛරස් අංශු මිනිත්තු 8-14 ත් යන කාලයක් එම ස්ථානයේ තුල පවතින වාතයේ අඩංගු වන බවට අමෙරිකානු ජාතික සෞඛ්‍ය ආයතනයේ පර්යේෂකයින් සොයා ගෙන තිබෙනවා.

කොරෝනා ආසාධනයව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයෙකුටද මෙම තත්ත්වය යටතේ පහසුවෙන්ම රෝගය තවත් පුද්ගලයින්ට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවයි පර්යේෂකයින් මෙහිදී පෙන්වා දෙන්නේ.

මේ වන විට ලොවපුරා රටවල් රැසක කුඩා ආපන ශාලා, හෝටල් සහ රූපලාවන්‍යාගාර විවෘත කෙරෙමින් පවතින අතර මෙවැනි ස්ථාන වලට පැමිණෙන පුද්ගලයින් මුඛ ආවරණ පැළදීමේ වැදගත් බවයි පර්යේෂකයින් පවසන්නේ.

කාර්යාල සහ කර්මාන්තශාලා තුල පිරිසක් සිය රාජකාරි කිරීමේදී සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී සලකා බැලීම ඉතා වැදගත්. වෛරසය ආසාධනය වී රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයෙක් හරහා විශාල පිරිසකට එය ව්‍යාප්තවීමේ අවධානම ඉතා ඉහලයි, අමෙරිකානු ජාතික සෞඛ්‍ය ආයතනයේ පර්යේෂකයින් සඳහන් කර සිටිනවා.