රාජිතගෙන් අභියාචනයක්

May 14, 2020 at 12:34 PM

තමන්ගේ ඇප අයැදුම අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ නීතිඥයින් විසින් අභියාචනාධිකරණයට අද (14) පෙත්සමක් ගොනු කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් නියෝගයක් අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.