මැතිවරණ පෙත්සම් ගැන තීන්දුවක් ගන්න විනිසුරු මඩුල්ලක්

May 14, 2020 at 3:31 PM

ජුනි මස 20 වෙනිදා මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් සහ අතරමැදි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා අද පියවර ගනු ලැබුවා.

ඒ අනුව මෙම මස 18 වෙනිදා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් සහ අතරමැදි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බැලීමට පත් කරනු ලැබූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වන්නේ, අගවිනිසුරු ජයන්ත ජයසුරිය (සභාපති), විජිත් මලල්ගොඩ, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ සහ
ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ය.