මාලදිවයිනේ සිටි 304 දෙනෙක් ලංකාවට : ජපන් ජාතිකයින් 16ක් ඒ අතර

May 14, 2020 at 1:01 PM

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා මාලදිවයිනෙන් පිටතට පැමිණීමට නොහැකිව සිටි 304 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-102 ගුවන් යානය අද (14) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම මගීන් අතුරින් 288 දෙනෙක් ශ්‍රී ලාංකික ගුවන් මගීන් වන අතර ඔවුන් මෙම වසංගත රෝග තත්වය නිසා මාලදිවයින තුළ කොටු වී සිටි පිරිසක් වනවා.

ඉතිරි 16 දෙනා ජපන් ජාතිකයන් වන අතර ඔවුන් ද මෙම වසංගත රෝග තත්ත්වය නිසා මාලදිවයින තුළ කොටු වී සිටි අතර ඔවුන් අද සවස ජපානයේ නරීටා බලා යන ගුවන් යානයෙන් පිටත් කර හැරීමට නියමිතයි.

සියලු පරික්ෂා කිරීම් වලින් අනතුරුව මෙම ලාංකිකයින් 288 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට යුධ හමුදාව විසින් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.