මාලදිවයිනේ සිටින ලාංකිකයින් 288ක් අද දිවයිනට

May 14, 2020 at 8:58 AM
කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 101 දරන එම ගුවන් යානය අද උදෑසන 7.30 ට කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කලේ.
මාලදිවයිනේ සිටින ලාංකිකයින් රැගෙන යලි අද පෙරවරු 11.30 වන වීට යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.