බන්ධනාගාරගත කළ රාජිත නිරෝධායනයට

May 14, 2020 at 7:20 AM

ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන් විශෝධන මධ්‍යස්ථානය වෙත ඊයේ (13) රාත්‍රියේ ගෙන යනු ලැබුවා.

ඒ, නිරෝධායනය සඳහා යොමු කිරීමටයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග බන්ධනාගාරගත කිරීමට නියම කෙරෙන සියල රැදවියන් නිරෝධායනය සඳහා වෙන් වූ විශේෂ බන්ධනාගාර කිහිපයක් වෙත යොමු කෙරෙන අතර දින 14 ක නිරෝධායන කාලයක් සම්පූර්ණ වීමෙන් පසු ඔවුන් අයත් වන බන්ධනාගාරයට මාරු කෙරෙනවා. ඒ අනුව, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ද එලෙස නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැණුනු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රශ්න කිරීම්වලින් පසු ඊයේ රාත්‍රියේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

හිටපු අමාත්‍යවරයා එලෙස අත්අඩංගුවට ගැණුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඔහු භාර වීමෙන් අනතුරුවයි