ජනපතිගේ තෙමසක වැටුප කොවිඩ් අරමුදලට

May 14, 2020 at 5:29 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.

අදාළ චෙක්පත ජනාධිපතිතුමා විසින් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත භාරදෙනු ලැබුවා.