කොරෝනා ආසාධිතයින් 26ක් වාර්තා වේ : රෝගීන් ගැන සම්පුර්ණ තොරතුරු මෙතැනින්

May 14, 2020 at 6:00 AM

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 26 දෙනෙකු ඊයේ (13) දිනයේදී වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 915 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

මෙලෙස වාර්තා වූ රෝගීන් සියලු දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේ.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 524ක් වන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 382ක් බවයි එම සෞඛ්‍ය අංශ වාර්තා කර සිටින්නේ