තවත් රෝගීන් 16 දෙනෙකු සුවය ලබයි

May 13, 2020 at 2:22 PM

කොරෝනා වෛරසය ආසාධනයවූ තවත් රෝගීන් 16 දෙනෙක් අද (13) දිනය වන විට සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යාඅංශය ප්‍රකාශ කර සිටිනවා.

අනුව මේ දක්වා සුවය ලැබූ මුළු රෝගීන් ගණන 382 ක් වනවා.

ඊයේ (13) දිනය වන විට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 889 දෙනෙක් වාර්තා වී තිබු අතර මේ වන විට රෝහල් ගතවප්‍රතිකාර ලබන්නේ රෝගීන් 498 දෙනෙක් පමණයි.

ඉකුත් අප්‍රේල් මස 22 වෙනිදා සිට අද දින පෙරවරු 10.00 වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 581 ක්වන අතර ඉන් 488 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන්කරන්නේ.

අද පෙරවරුව වන විට කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව 105ක් වනවා.