ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව තවදුරටත් අත්හිටුවයි

May 13, 2020 at 3:36 PM

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් අත්හිටුවා ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සේවාව මෙලෙස අත්හිටුවා තිබෙන්නේ ඉකුත් 16වනදා සිටයි. කෙසේවෙතත් විභාග සම්මුඛ පරීක්ෂණ, රියදුරු බලපත්‍ර හෝ විදේශ ගමන් බලපත්‍ර වැනි අත්‍යාවශ්‍ය කටයුතු සඳහා ජාතික හැදුනුම්පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය සේවාලාභීන් සඳහා විශේෂ සේවාවක් ආරම්භ කර ඇතැයි  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවා.

එම සේවාව සැපයෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහායි.