කොරෝනා ආසාධිතයින් ගණන 893 දක්වා ඉහලට

May 13, 2020 at 7:39 PM

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 893ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා.

අද දින පස්වරු 7.30 වන විට කොරෝනා ආසාධිත රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇත.

මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 382ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 502ක් වේ.