11 වැනිදා සිට සාමාන්‍ය නොවන දේ

May 9, 2020 at 1:58 PM

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කටයුතු සඳහා එළඹෙන සඳුදා දිනයේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය ද ඇතුළු ව රට විවෘත කෙරුණ ද එදිනට සුරාසල් විවෘත කිරීමක් සිදු නොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එස්.බෝදරගම මහතා පවසනවා.

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ දී සුරාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජයේ අවධානය යොමුව නොමැති බව ඔහු සඳහන් කළා.

මීට පෙර ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවල දී සුරාසැල් විවෘත කිරීමට රජය පියවර ගත්ත ද එහිදී ජනතාව විසින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිනොපැදීම සහ වෛද්‍ය නිර්දේශ මත සුරාසැල් නැවත දැනුම්දෙනතුරු වසා දැමුණා .