සැලුන් සඳහා වන ප්‍රමිති චක්‍රලේඛය නිකුත් වේ. රැවුල කැපීමට අවසර නැහැ.

May 7, 2020 at 6:35 PM

සැලුන් සහ රූපලාවන්‍යාගාර විවෘත කිරීම සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්ණායක චක්‍රලේඛය එළිදක්වා තිබේ.

ඊට අනුව සිදු කළ යුතු සමාජ දුරස්ථකරණ ප්‍රමිතීන් සහ පවිත්‍රකරන ප්‍රමිතීන් දක්වා ඇති අතර,

කොණ්ඩා කැපීම , කොණ්ඩා ඩ්‍රයි කිරීම , නිය හා පා සත්කාර, වැක්ස් කිරීම පමණක් නිර්දේශ කර තිබේ.

රැව්ල කැපීමට අවසර ලබා දී නැහැ.

සැලුන් භුමිය වායු සමීකරණ කිරීමට ඉඩ ලබා දීනැති අතර විවෘත පරිසරයක් පවත්වා ගත යුතු වනවා.

අදාල සියලු ප්‍රමිතීන් සකස් කල පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා විසින් අදාල අනුමැතිය ලබා දෙනු ඇති.