Video :9 වැනි කොවිඩ්19 මරණය ඇතුළුව පරීක්ෂණ වාර්තා 13 ක් ගැන සැකයක් ?

May 7, 2020 at 8:49 PM

කොවිඩ්19 පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇති බව රජයේ වෛද්‍ය විද්‍යාඥ රසායනාගාර සංගමය පවසයි.

පසුගියදා මෝදරින්, රාජගිරියෙන් ජාතික රෝහලෙන් ඇතුලුව කොවිඩ්19 ආසාදිත බවට නිකුත් කල වාර්තා පසුව කල පරීක්ෂණ වලදී එසේ නොවන බව හෙලිවූ බවයි එම සංගමයේ රවී කුමුදේශ් අද මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ.

මේ වන විට අවස්ථා කිහිපයකදී ජයවර්ධනපුර පරීක්ෂනාගාරයේ සහ කොළඹ සරසවි පරීක්ෂනාගාරයේ සිදුකල එවැනි පරීක්ෂණ 13 ක් ගැන සැක මතුවන බවයි ඔහු පැවසුවේ.

මේ කරුණු හෙලි කල ප්‍රවෘත්ති සාකච්ඡාව පහළින්.