ඇමෙරිකාවෙන් කොවිඩ්19 පරදන්න ලංකාවට තවත් ඩොලර් මිලියන 4.5ක්

May 6, 2020 at 3:41 PM

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්‍යාලය අද නිවේදනය කලේ මේ සමග ඇමෙරිකාවෙන් ලැබෙන මුලු ආධාර ප්‍රමාණය ඩොලර් මිලියන 5.3 ක් වන බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිස් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමින් සාකච්ඡා කළා. මෙරට ඇඟලුම් වල ප්‍රධාන ගැනුම් කරුවෙකු වන ඇමෙරිකාව තවදුරටත් ලංකාව සමග සාරවත් ගනුදෙනු පවත්වාගෙන යන බවට එහිදී අදහස් පල වුණා.
නව වෙළඳ අවස්ථා සම්බන්ධයෙන් ද ඔවුන් එහිදී අවධානය යොමුකර තිබෙනවා.