ඊයේ හමුවූ කොවිඩ්19 ආසාදිතයින් ගැන තවමත් නොවිසඳුණු ප්‍රශ්නයක්. රෝගය සම්ප්‍රේෂණය වූ ආකාරය ගැටලුවක්. යුධ හමුදාපති කියයි

May 6, 2020 at 8:31 AM

ඊයේ කොළඹ ප්‍රදේශ 4කින් හමුවූ රෝගීන්ට වෛරසය ආසාදනය වූ ආකාරය තවමත් විමර්ශනය කෙරෙන බව යුධහමුදාපති වරයා පවසයි

ජාතික රෝහල, රාජගිරිය, කොලොන්නාව, මෝදර යන ප්‍රදේශවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ට එම වෛරසය සම්ප්‍රේෂණය වූයේ කෙසේදැයි තවමත් සොයාගෙන නොමැති බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා අද සජීවී රූපවාහිනී වැඩසටහනකදී පැවසීය

“කොවිඩ් 19 ශ්‍රී ලංකාවට පැමිණි දා පටන් ඉතාමත්ම කෙටි කාලයකින් කොහෙන්ද මේක ආසාදනය වුණේ කියන එක හොයාගැනීමට හැකියාව ලැබුණා. ඊයේ දිනයේදී අපි ඔවුන් ඇසුරු කළ අයවලුන් 71 දෙනෙකු නිරෝධායනයට ලක් කරනු ලැබුවා. ඒවගේම මහනුවර ප්‍රදේශයෙන් පෙරේදා හමුවුණු 64 දෙනෙක් නිරෝධායනයට ලක් කරනු ලැබුවා.

නමුත් ඔවුන්ට කොතනින්ද මේ රෝගය ආවේ කියන එක සොයාගෙන යාමේදී ප්‍රථම වතාවට අපට යම්කිසි ගැටළුවක් තිබෙනවා. ඒක හින්දා අපි අද දිනයේදීත් මේ ගැන සොයා බලනවා. ඇත්තටම කාගෙන්ද මේක ආවෙ කියන එක ඊයේ මධ්‍යම රාත්‍රිය වනතෙක් සොයාගන්න බැරිවුණා. අද දිනයේදී අනිවාර්යයෙන්ම අපට ඒක කියන්න පුළුවන් වෙයි”

ඊයේ නව ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 15 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයින් . ඉතිරි පිරිස ඉහත දැක්වූ ප්‍රදේශ වලින් හමුවූ සැක සහිත සිදුවීම් වන වා.