9වැනි කොවිඩ්19 මරණයත් සමග 1200ක් ස්වයං නිරෝධායනයට

May 5, 2020 at 8:59 PM

9 වැනි කොවිඩ්19 ආසාදිත මරණය ලෙස වාර්තා වූ කාන්තාව විසූ මෝදර මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ 1200 ක් දෙනා ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

මේ අතර එම කාන්තාව ළඟින් ඇසුරු කල එම පවුලේ අය සහ යාබද නිවාස සංකීර්ණයක 15 දෙනෙකු නිරෝධායනය සඳහා යවා තිබෙනවා.
ඔවුන්ගේ PCR පරීක්ෂණ ද සිදුකොට තිබේ. එහි ප්‍රතිපල ලැබීමට නියමිතයි.