ගුරුවරු මැයි 11 සිට වැඩ ද? පාසැල් විවෘත කරන දිනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය

May 5, 2020 at 5:16 PM

ජුනි 1 පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍ය කිසිදු තීරණයක් ගෙන නැත.

ජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවටත්,

මුලින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහාත් ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවටත්

ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, කිසිදු පළාත් අධ්‍යාපන බලධාරියෙකුට හෝ වෙනත් අධ්‍යන ආයතන ප්‍රධානියකුට එවැනි කිසිදු දැනුම් දීමක් කර නොමැති බව කියා සිටී.

මෙය රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

අධ්‍යාපන අමාත්‍ය වරයාද මේ ගැන අදහස් පළකළා.

ජුනි 1 පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍ය කිසිදු තීරණයක් ගෙන නැහැ..” ඇතැම් මාධ්‍ය ගෙනයන සාවද්‍ය ප්‍රකාශ බැහැර කරන්න.අධ්‍යාපන අධ්‍යාපන අධ්‍යාපන

Posted by News.lk on Tuesday, 5 May 2020