සාකච්ඡාවට ආ දෙමළ සන්ධානයෙන් අගමැතිට ලිපියක්. සාකච්ඡා කළ කරුණු මෙන්න.!

May 4, 2020 at 4:03 PM





අගමැතිවරයා ගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ සාකච්ඡාව විපක්ශය නියෝජනය කරන පක්ශ කිහිපයක් විසින් වර්ජනය කලේය. නමුත් දෙමළ ජාතික සන්ධානය ඊට සහභාගි වූ අතර හිටපු මන්ත්‍රී R. සම්බන්ධන් මහතා අගමැතිවරයා ට සන්දේශයක් ද බාරදුන්නේය.

එමගින් දක් වා තිබුනේ මෙම සාකච්ඡාවට සහභාවීමට ඔවුන් තීරණය කල හේතූන් ය.

කොවිඩ්19 වසංගතයට විසඳුමක් සෙවීම

මැතිවරණ ක්‍රමයේ පවතින ගැටලු සාකච්ඡා කිරීම.

නව ව්‍යවස්ථාවක් මගින් විධායක ජනපති ක්‍රමය මැතිවරණ ක්‍රමය හා ජාතික ගැටලුව ඇතුලු කරුණු කිහිපයකට විසඳුම් සෙවීම

වත්මන් ආර්ථික ගැටලු වලට විසඳුම් සෙවීම.

යන කරුණු වලදී සිය සහය ලබාදෙන බව එමගින් පවසා තිබේ. කෙසේ වෙතත් මේ රැස්වීම පාර්ලිමේන්තුව කැඳවීමට විකල්පයක් ලෙස නොසලකන බවත් එය කැඳවීම සම්බන්ධයෙන් වන ස්ථවරය දිගටම ක්‍රියාත්මක බවත් එම සංදේශයේ දැක්වේ.

මේ අතර එම සාකච්ඡාවේදී මතු කළ කරුණු ගැන අග්‍රාමාත්‍ය කාර්‍යාලය මෙම නිවේදනය නිකුත් කර තිබේ.