පරීක්ෂණ පොසිටිව් වූ ජා ඇල පුද්ගලයාට යළි කොරෝනා ද? වෛද්‍ය අනිල් ජාසිංහ හෙළිකළ නවතම තත්ත්වය තොරතුර

May 4, 2020 at 6:40 AM

කොවිඩ්19 ආසාදිත වී රෝහල්ගත ව සිට නිවෙස් බලා ගිය අයෙකු ට යලි කොවිඩ්19 ආසාදිත වීමේ පුවතක් පසුගියදා වාර්තා විය.

නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී පපුවේ වේදනාවක් නිසා යලි රෝහල් ගතකල පසු කර්ස්න ලද පරීක්ශාවේදී ඔහු යලි කොවිඩ්19 ආසාදිත බව හෙළි විය.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඔහුගේ පරීක්ෂණ පොසිටිව් වන නමුදු ඔහු තවදුරටත් රෝගය පතුරුවන්නෙකු නොවන බවයි.

ඒ කෙසේදැයි ඔහු පැහැදිලි කළා.

ඔහුට යලි පරීක්ෂණ පොසිටිව් වීමේ අවස්තා දෙකක් තිබිය හැකි බව වෛද්‍ය මතයයි.

රෝග කාරක වෛරසය අඩු මට්ටමින් ශරීරයේ පැවතිය හැකි බවත් එවැනි අයගේ පරීක්ශණ ප්‍රතිපල මෙසේ විය හැකි අවස්ථා තිබෙනවා.

එමෙන්ම පරීක්ෂණ වලදී යම් මට්ටමින් RNA සාධක තුල වෛරසය හඳුනා ගන්නා අවස්ථා ද පවතී.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ ඔහු රෝග වාහකයෙකු නොවන බව අනිල් ජාසිංහ මහතා තහවුරු කළා.

නමුත් ඔහු තවදුරටත් IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවද ඔහු පැවසුවා.